Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver3
63いいね 3937回再生

2023 To 2024 Best Sinhala Song [Top7] Popular Sinhala Song 2023 | New Sinhala song | Aluth Sindu

#Tremding #3d #1milliontrending #lyrics #lyricvideo

2023 To 2024 Best Sinhala Song [Top7] Popular Sinhala Song 2023 | New Sinhala song | Aluth Sindu

කාසි සබන් පෙණ - Lurics

කාසි සබන් පෙණ ලූ
ගෑනු අයිස් කැට ලූ
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ

කෑශ් (Cash) අතේ නැති ලූ
ක්‍රෑශ් (Crash) වෙවී යමු ලූ
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්

ආවේ දොදොල් වෙවී අපේ නොනේ
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
දුම්බල බර බලන් නසරානී

ඒ සුන් සුන් සුන් ඒ මචං
ගත්තා සැපක් සිංගල්
ඒ දැන් දැන් කැන්සල් නේ මචං
ගත්ත බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් ෆුල් චාටර් වී

වාසි වෙද්දී හොද ලූ
ආයේ කතා නැති ලූ
පරන කේස් හොය හොය මට නක්කල දාවී

ප්ලීස් පනේ ඇති ලූ
මං කෙරුවේ බොරුලූ
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන්
ගෝරි නේ වයිෆී

මේකප් සැලුන් ඇදුන්
බිල් දේවී
වැහිලා යකා අපේ සීදේවී
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
දත් මිටි කකා එයා ගුටි දේවී

ඒ වින් වින් සිටුවේශන් මචං
උඹයි මමයි සෆරින්
ඒ සොල්ලි වේල ඉල්ල මචං
බැන්ද බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් ෆුල් චාටර් වී

අරාබි කුමාරි - Lyrics

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි
බඹර විලාසේ රගන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ
ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ
ඔයට හැඩ සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිදේ
ලග නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි
දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි සලාම් අලෙයිකුම්

නොපැතුව මොහොතක - Lyrics


හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
මොන දේ උනත් අනාගතේදි අපට
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න…//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප
නොපැතුව මොහොතක සමු අරගන්නද…

අත් නොහැරී යමු කියලා – දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා – බොහොම දුරයි අප දෙදෙනා..//

හිතුවේ නැති මොහොතක මා – තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා – මතක තියෙයි ඔබව සදා…

බුදු බණ පදයක් - Lyrics

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා.

පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම

බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතු සැම

අවසන් මොහොතේ ඉතිරි වුණා
කල හොඳ නොහොඳයි මට උරුම

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා

යකඩ මණමාලි - Lyrics

ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි...
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි...
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි...
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි...

එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...
එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි.
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි...
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...

එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...

පිටකවරෙ - Lyrics

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.


පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.//

සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ.
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///



මෙම ගීතවල පදරචනය,තනු නිර්මාණ සහ එවායෙ කිසිදු අයිතියක් අප නොගනිමු. අප මෙම නාලිකාවෙ මෙම සින්දු Upload කලෙ මුල් අයිතිකරැවන්ට සහ අනුවාදයෙ කලාකරැවන්ට උපහාරයක් පිනිසය.තවද අප මෙම ගීතවලට ඉතාමත් බෙහෙවින් ආදරය කරන අතර මහජනයාගෙ සුවපහසුව උදෙසා එකම Youtube චැනලයකින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ගීත ඔවුන්ට ඇසිමට ඉඩ සලසා දීම පිනිස මෙම චැනලගෙ මෙම ගීත දමන්නෙය.


මෙම ගීත වගෙ තවත් ලස්සන ගීත නැරබීමට අපගෙ Youtube නාලිකාව Subscribe කර බෙල් අයිකන් එකත් ඕල් දාගෙන සිටිමට මග නොහරින්න මෙම ගිතර නැරඹු ඔබට ස්තූති...!

コメント